විපක්‍ෂයේ අසුන්ගත් 15 දෙනාගේ තනතුරු ඉවත් කිරීමේ තීරණයක්

  👤  3200 readers have read this article !
By mawbima 2018-09-23

රුචිර දිලාන් මධුශංඛ

විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් 15 දෙනාගේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරුවලින් වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල අරංචි මාර්ග 'මව්බිම'ට පැවැසීය. ඔවුන් එම ධුරවලින් ඉවත් කිරීමේ ලිපි සිකුරාදා (21දා) අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

නව පත්කිරීම් මේ සතිය තුළ දැනුම් දෙන බවද එම ලිපි මඟින් දැනුම්දී ඇත. ඒ අනුව ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක, අනුරාධ ජයරත්න හා සුමේධා ජී. ජයසේන යන මන්ත්‍රිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමේ ලිපි සිකුරාදා පස්වරුව වන විට යවා ඇති බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon