කවුද ඉතින් බිල්ලට රඟන්නේ...?

  👤  3168 readers have read this article !
By mawbima 2018-09-23

"බුදු සන්තෝ මොකෝ පොං අයියේ එයාපෝටය ළඟට මාර සිකුයුරිටි පාරක් දාලා....?

"මම හිතන්නේ පිං මල්ලියේ ඍධ්ර්ථී පොරක් එනවා ඇති... බලපන් ටිකක් අහලා...!

"මේ... ලාලහාමි මක්කැයි මේ මාර ගාඩ් පාරක් දාලා...?"

"ඍ.ධ්.ර්ථී පොරවල් නවුතයක් එනවා...!"

"අෑ... ඒ කොහෙන්ද....?"

"කසකස්තානය, බලුකිස්තානය, ටිබෙට්, කේ‍රා්එෂියාව, සෙනේගලය, පෘතුගාලය, මැසඩෝනියාව ඕං ඔය වගේ රටවල් ගණනාවක ආර්ථික ඇමතිලා..!"
"ඇර මාටින්.. ඒ මොනවටද..?"

"ඒ රටවල් නඟාසිටුවීම සඳහා මිල සූට්ටර දානහැටි ස්ටඩි කරන්න, 2019 හෝ 20දී ඒ පොරවල්ගේ ආණ්ඩු කෙළවෙන හැටි දැන දැනත් 2025ට 30ට රට ගොඩ ගන්න ප්ලෑන් හදන හැටි ස්ටඩි කරන්න තමයි එන්නේ...!"
"ෂා... ඒ කියන්නේ අපේ මේ අඹගෙඩි කන්ටි්‍රයට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ...? එතකොට මක්කැයි අර පොලිෂ් ලොක්කෝ සීයයක් විතර ඇවිල්ල...?

"ඒ... රටවල් කීපයක විතරක් නෙවේ... මුළු ලෝකෙම පොලිෂ්පටිලා ඇවිල්ලා ඉන්නේ...!

"එල.. එල... ෂා... කාටද ආඩම්බර නේද...?"

"කාටවත් නෙවේ මල්ලී... අපේම පොලිෂ් ලොක්කට තමයි ආඩම්බර...!"
"ඒ... මොකෝ...?"

"නියම බඩ්ඩක් වෙන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් ගන්න ඇවිල්ලා ඉන්නේ...!" එහෙම කියපු ලාලහාමි ඍ.ධ්.ර්ථී ලාට ගාඩ් එක දෙන්න ගියා.
"අෑ...බං.. පිං මල්ලියේ අර මුල්ලේ, මොකද තුංමුල්ලේ විමලෙයි, ගොංමං පිලයි...?

"යකෝ .. අතේ පත මල්මාලයකුත් තියෙනවා... ඔහේලා මේ කාව පිළිගන්නද...?

"අපි මේ කිං මුදමැලන ලොක්කව පිළිගන්න...!

"ආ... හරි... හරි.. ඉන්දියාවට ගියා නොවැ...!

"අ... ඩෝ.. ? උඹට මොංගොල්ද... අපේ ලොක්කා ගියේ භාරතයට... අ.. රි... ද...?

"ඉන්දියාවත් එක්ක ඔබතුමන්ලා මාර කොක්කෙන්නේ ඉන්නේ... ඉතින් ඇයි එහෙට ගිය අය පිළිගන්නේ...?"

"හ... ර... කෝ... උඹට සැරයක් කිව්වා අපි පිළිගන්නේ භාරතෙට ගිය ලොක්කව මිසක් මඟුල් ඉන්දියාවක් නොවේ..!

"ඉතින් සෑර්... මල පන්න ගන්න එපා.. ඒ දෙකම එකයි නොවැ...?

පිං පැනලා අහපු ඒ ප්‍රශ්නෙට ඩබලම මඤ්ඤං වෙලා වාෂ්ප වුණා.

පිංටයි, පොංටයි ආරංචියක් හම්බවුණා. හිරි කොතේ නියම ෆිල්ම් එකක් පෙන්වනවා කියලා. ඕං දෙන්නා එතෙන්ට ගෑටුවා.
"සිකුයුරිටි මල්ලියේ... මොකක්ද ෆිල්මය...?"

"බිලි බෝයිස්...!"

"ෂා.. කවුද ඩිරෙක්ටර්... කවුද ප්‍රොඩියුසර්...?"

"ප්‍රොඩියුසර්... කිං පරා සෑර්...!"

"අම්මට හුඩු... කෝටි ගාණක් වියදම් කරන්ඩ සල්ලි කොහෙන්ද...?"

"ඇයි..ඕයි... බොන්ඩ් කේස්...!"

"එතකොට...ඩිරෙක්ට් කරන්නේ...?"

"පරා සෑර් ගේ සුවච කීකරු ගෝල මිත්‍ර අගිල තුමා...!"

"ඉතින් බිල්ලට කවුද රඟන්නේ...?"

"අලුත්ම නළුවෝ... මන්න පෙරුම, තුටාර ඉදුල්, කිරි මුජී...!"

"කොහොමද රඟන්නේ...?"

"සතියකට සැරයක් ප්‍රෙසයක් තියනවා.. වයින් කරපු මැෂින් බැක් සයිඩ් එකට හයි කරනවා.. ලවක් දෙවක් නැතිව හිටු කියලා ගිරව් පරද්දලා කියවනවා...!"

"ඉතින් දෙයියනේ... මොකක්ද ලැබෙන ප්‍රයෝජනේ...?"

"ඇයි නැත්තේ...!"

"මොකක්ද...?"

"අනුන්ට සීනි කිරලා ඊළඟ ඡන්දෙදි කෙළවගන්න හැටි...!" එහෙම කියපු සික්කා ෆිල්ම් එකට ටිකට් කඩන්න පටන් ගත්තා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon