'වඳිමු දළදා සිරි දළදා මඟ වැනුම' අද ජාතික රූපවාහිනියේ

  👤  3105 readers have read this article !
By mawbima 2018-09-24

දළදා පුරාවෘත්තය අලළා දිග හැරෙන 'වඳිමු දළදා සිරි දළදා මඟ වැනුම' වාර්තා වැඩසටහන් මාලාවේ දෙවැන්න අද (24දා) බිනර පොහෝදා ජාතික රූපවාහිනියෙන් ප.ව. 7.00ට විකාශය වෙයි.

'වඳිමු දළදා' පිටපත සහ අධ්‍යක්ෂණය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙනි. සහාය අධ්‍යක්ෂණය දර්ශන මාපා පතිරගේ සහ මංගල කීර්ති පැස්කුවල්ගෙනි. රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණයක් වන මේ වාර්තා වැඩසටහන සමීර අත්තනායක විසින් සංස්කරණය කරන ලද්දකි.

ඉපැරැණි රාජාණ්ඩු සමයේ සිට යටත් විජිත යුගය හා ඉන්පසු යුගයන් පසුකර විවිධ පරසතුරු ආක්‍රමණ හේතුවෙන් විවිධ විහාරස්ථානවල හා ස්ථානවල වැඩ සිටි ශ්‍රී දළදා වහන්සේගේ පුරාවෘත්තය අලළා මේ වාර්තා වැඩසටහන සම්පාදනය වී තිබේ. 'වඳිමු දළදා' මහජන බැංකුවේ අනුග්‍රහයෙන් නිෂ්පාදනය කොට විකාශය කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon