සංවිධායකකම්වලින් අපිව ඉවත් කළේ යූඑන්පීයත් සමඟ හවුල් ආණ්ඩු එපා කියූ නිසයි

  👤  3116 readers have read this article !
By mawbima 2018-09-24

රුචිර දිලාන් මධුශංඛ

'මහින්ද මහත්තයට පස්සේ දැනට දෙවැනියාට ඉන්න ජේ‍යෂ්ඨ මන්ත්‍රි මම. අපිට ආශීර්වාදයක් වුණා ජනතාව අතරට යන්න. සම්මුතිවාදී ආණ්ඩුවක් කිය කියා යූ.එන්.පී. එකත් එක්ක හවුල් ආණ්ඩු එපා කිව්වාය වරදට තමයි අපිව සංවිධායකකම්වලින් ඉවත් කළේ. ඒ ගැන සතුටුයි. දැන් අපිට ජනතාව එක්ක හිටගන්න පුළුවන්' යැයි ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න පැවැසීය.

මම 89 ඉ¼දලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදියට ඉන්නවා. 79 අවුරුද්දේ මම සංවිධායක තනතුර ගන්නෙ. අපි වගේ ජේ‍යෂ්ඨයන්ට පක්ෂය මෙහෙම නම් සලකන්නේ හිතාගන්න පුළුවන් ඒ පක්ෂයේ ඉදිරි පැවැත්ම ගැන.
අපි කවදාවත් පක්ෂය දාලා ගිහිල්ලා නෑ. දවසකටවත් පක්ෂය අතහැරලා නෑ. ඒකයි මෙහෙම කරන්නෙ. අපිට මෙහෙම තත්ත්වයක් තුළ පක්ෂයට අනාගතයක් නෑ. පැවැත්මක් නෑ. මොන ප්‍රතිසංවිධාන කළත් වැඩක් නෑ. සිය තනතුරු ඉවත් කිරීම ගැන අදහස් දක්වමින් ජෝන් සෙනෙවිරත්න මහතා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon