මේ වසරේ දෙසැම්බර් වන විට මන්දපෝෂණය බහුල රටක් ලෙස ලංකාව අංක 1ට පත් වෙනවා

  👤  3166 readers have read this article !
By mawbima 2018-09-24

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

අනුරාධා හේරත්

පෝෂණය සපිරි ආහාර වේලක් ගත යුතු බවට රජය නන්දෙඩෙව්වද මේ වසරේ දෙසැම්බර් වන විට ලෝකයේ මන්දපෝෂණය හා බෝ නොවන රෝගීන් බහුලවම සිටින රට ලෙස ලංකාව අංක 1ට පත්වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් පැවැසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමත් සමඟ රටේ 70%කට පමණ පෝෂණය සපිරි ආහාර වේලක් ගැනීමට නොහැකි වී ඇති බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියද පාසල් ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමිය නොහැකි බැවින් පාසල් දරුවන්ට මින් පසු ලැබෙන්නේ පෙරටත් වඩා ප්‍රමිතියෙන් තොර ආහාර බවත් දරුවන් ලක්ෂ ගණනක් රක්ෂණය කිරීමට පෙර හොඳ ආහාර වේලක් ලබාදීම රජයේ වගකීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු චෝදනා කළේ එක් පැත්තකින් ඔෟෂධ මිල ඉහළ දමන රජය තව පැත්තකින් අත්‍යවශ්‍ය ආහාර මිලද ඉහළ දැමීම තුළ නිරෝගී ජනතාවක් බිහිවීම සිහිනයක් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon