හතළිස් හතර හැවිරිදි කාන්තාවක් පස් හැවිරිදි දරුවා සමඟ අතුරුදන්

  👤  3242 readers have read this article !
By mawbima 2018-09-24

වුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ රාමනාදපුරම් මරුදනගර් ගම්මානයේ සිටි හතළිස් හතර හැවිරිදි කාන්තාවක් සිය පස් හැවිරිදි දරුවා සමඟ අතුරුදන් වී ඇති බවට ඇගේ ස්වාමිපුරුෂයා 22දා සවස කිලිනොච්චිය පොලිසියට පැමිණිලි කොට තිබේ.

දරුවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය පසුගිය 13දා උදෑසනම නිවෙසින් පිටව ගිය බවත් ඇය දරුවා සමඟ රෝහලේ සිටි බව පළාතේ වැසියන් කීපදෙනකුම දැක ඇතත් මේ වනතුරුම තම බිරිය නිවෙසට නොපැමිණි බව ස්වාමිපුරුෂයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. ඇය අතුරුදන් වූ දිනයේ සිට මේ දක්වා සියලුම ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ඇයව සොයන ලද නමුත් මෙතෙක් ඇය ගැන කිසිම තොරතුරක් නැති බව පවසන ස්වාමිපුරුෂයා මේ පිළිබඳ පළාතේ ස්වේච්ඡා සංවිධාන කීපයකට දැනුම් දී තිබේ.
අතුරුදන් වූ මේ කාන්තාව සොයා ගැනීම සඳහා කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ ආරම්භකොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon