පසුගාමී ආර්ථිකයක රැඳී නොසිට ප්‍රගතිය කරා යෑමට නම් කෘෂිකර්මය හා කර්මාන්ත ක්‍ෂේත්‍රය එකට යා කළ යුතුයි-අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

  👤  3089 readers have read this article !
By mawbima 2018-09-24

පහන විජේසේකර

පසුගාමී ආර්ථිකයක රැඳී නොසිට ප්‍රගතිය කරා යෑමට නම් කෘෂිකර්මය සහ කර්මාන්ත ක්‍ෂේත්‍රය එකට යා කළ යුතු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

22 වැනි සියවස පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමින් 21 වැනි සියවසේ විධික්‍රම අනුව කටයුතු කිරීමෙන් ඉලක්ක සපුරාගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා හසලක කාර්මික විද්‍යාලයේ නව කෘෂි නිෂ්පාදන
තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

කෘෂි නිෂ්පාදන පිළිබඳ නවීනතම තාක්ෂණය නව පාඨමාලාව මඟින් ලබාදෙමින් හසලක කාර්මික විද්‍යාලය විශිෂ්ට පුහුණු මධ්‍යස්ථානයක් වනු දැකීම සිය අභිලාෂය බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon