වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට දුන් විශේෂ දීමනාව නවතා දැමීම ගැන කඩිනම් පියවරක් ගත යුතුයි

  👤  3171 readers have read this article !
By mawbima 2018-09-24

හර්ෂනී අර්සකුලරත්න

රජරට හා නැඟෙනහිර විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට දුන් විශේෂ දීමනාව නතර කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා කඩිනම් පියවරක් ගත යුතුව ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමය පවසයි.

අදාළ දීමනා නතර කිරීම හේතුවෙන් එම පීඨයන්හි ආචාර්යවරුන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් නුදුරේදීම දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට එම කරුණ බාධාවක් විය හැකි බවත් දන්වමින් ඒ පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම සංගමය පසුගියදා (20දා) උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

සයිටම් ගැටලුව සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් මීට පෙර වෛද්‍ය සිසු අධ්‍යාපනයට බාධා එල්ල වූ බවත් තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මෙවන් මොහොතක යළි එවන් බාධාවක් නොවීමට වගබලා ගත යුතුව ඇති බවත් ඉදිරියේදී ඇතිවිය හැකි දුෂ්කරතාවන් මඟහරවා වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් පාරට ඇද නොදමන ලෙස එම ලිපිය මඟින් ඔවුන් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon