යෝජිත වතුකරයේ උද්ඝෝෂණයට ගුරු සංගම් හතරක සහායම

  👤  3150 readers have read this article !
By mawbima 2018-09-24

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

වතු කම්කරුවන්ගේ වැටුප අද පවතින රටේ ජීවන වියදමට සරිලන සේ වැඩි කරන ලෙස වතු සමාගම්වලට එරෙහිව සිදු කිරීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණයට වතුකරයේ ගුරු සංගම් හතරක් සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර් මනිවන්නන් මහතා කියා සිටී.

දැනට වතු කම්කරුවකුට දිනකට ලැබෙන රුපියල් 730 වැටුප රු. 1281 දක්වා ඉහළ දමන ලෙස වතුකරයේ වෘත්තීය සමිති ගණනාවක් මේ වන විට යෝජනා කර ඇත.

වතුකම්කරුවන්ගේ වැටුප රටේ දැනට පවතින ජීවන වියදම අනුව ඉහළ දැමිය යුතු බවට කරන උද්ඝෝෂණය සාධාරණ ඉල්ලීමක් නිසා ගුරු විමුක්ති පෙරමුණ, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, ශ්‍රී අධ්‍යාපන සමාජ සම්මේලනය, කඳුරට ගුරු පෙරමුණ යන ගුරු සංගම්වල සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි. සංකර් මනිවන්නන් මහතා කියා සිටී.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර මේ වන විට සාකච්ඡා පවත්වා එය එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර ඉදිරියේදී දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon