ජාතික කොංග්‍රසයේ නි. සභාපති උදුමා ලෙබ්බේ පක්ෂයේ තනතුරුවලින් අස්වෙයි

  👤  3197 readers have read this article !
By mawbima 2018-09-24

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපති නැඟෙනහිර පළාත් සභාවේ හිටපු වාරිමාර්ග අමාත්‍ය එම්.එස්. උදුමා ලෙබ්බේ මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්ව තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පක්ෂ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා වෙත යොමු කර ඇති අතර තමන් පෞද්ගලික අවශ්‍යතාවක් මත පක්ෂයේ නියෝජ්‍ය සභාපති තනතුරින් හා විධායක සභාවේ තනතුරින් ඉල්ලා අස්වන බවද එම ලිපියේ සඳහන් වේ.

ජාතික කොංග්‍රසයේ ජාතික සංවිධායකවරයා ලෙස තමන් වසර 13ක් කටයුතු කළ බවත් එමෙන්ම පළාත් සභාවට දෙවරක් තේරී පත්ව පළාත් ඇමැතිවරයකු ලෙසත් විපක්ෂ නායකවරයා ලෙසත් කටයුතු කළ බවත් ඒ සඳහා පක්ෂ නායකයා ලෙස අතාවුල්ලා මහතා දැක්වූ සහය අගය කරන බවත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon