වගා රැකගන්න රයිෆල් ලබාදීමේ තීරණයට සියයට සියයක් එකඟ වෙනවා - ඩිලාන් පෙරේරා

  👤  3129 readers have read this article !
By mawbima 2018-09-24

ඇටම්පිටිය - රත්න වීරසිංහ

කෘෂිකාර්මික වගාවන්ට හානි කරන සතුන් මර්දනය සඳහා රයිෆල් ලබාදීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන ඇති තීරණයට තමන්ද සියයට සියයක් එකඟ වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඉකුත් දා (21දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පැරැණි ශ්‍රවණාගාරයේදී පැවැති හාලිඇළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. එහිදී ඒ සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා මෙසේ අදහස් දැක්වීය.

"කෘෂිකර්ම අමාත්‍යවරයා කියා තිබුණා කවුරු විරුද්ධ වුණත් කෘෂිකර්මාන්තයට හානි කරන සතුන් මර්දනයට රයිෆල් දෙනවා කියා. එතුමාගේ බොහෝ මතවලට මම එකඟ නොවුණත් මේ තීරණයට මමත් සියයට සියයක් එකඟ වෙනවා. අපි පාණාතිපාතා කිව්වත් මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනෑ. ඒත් ජීවත් වෙන්න ගොවියකුට වගාවක් කරන්න බෑ. වඳුරන්, රිළවුන්, උෟරන්, මොනරුන්, දඬුලේනුන්, මුවන්, ඉත්තෑවන් වගේ සතුන් රාශියක් ඒ වගා විනාශ කරන්න ඉන්නවා. මේක අද අපේ පළාතේ ගොවීන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඒ නිසා ගොවිතැන්වලට වින කරන සතුන් නොමරාම බැරිනම් වෙන කරන්න දෙයක් නෑ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon