ජනබලය දා වස මුසු කිරි පැකට් සිද්ධියේ සංස්කරණය නොකළ දර්ශන දෙන්නැයි උසාවියෙන් නියෝග

  👤  3098 readers have read this article !
By mawbima 2018-09-24

අමිල අබේරත්න

ඉකුත්දා කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජනබල මෙහෙයුමේදී එයට සහභාගි වූ උද්ඝෝෂකයන්ට පරිභෝජනයට නොසුදුසු විස මුසු කළ කිරි පැකට් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව උද්ඝෝෂණයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන හයකට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

සිරස, දෙරණ, හිරු, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ස්වර්ණවාහිනිය යන ආයතනයන්ට එලෙස නියෝග කරන ලදී.
කොම්පඤ්ඤවීදිය පොලිසියේ ඉල්ලීම සලකා බලා අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකු වන චමිත් කුමාර නිශාන්ත සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon