බීමතින් රිය පදවා පොලිසියටත් නිලධාරීන්ටත් බැන්න යුද හමුදා සෙබළාට දඩ

  👤  3145 readers have read this article !
By mawbima 2018-09-24

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

"යාපනයේ ආවොත් බලා ගන්නම්. කලිසම ගලවනවා. කරන දේ කියන්නේ නැහැ" යි පවසමින් බීමතින් රිය පදවා පොලිසියට බැන කොටු වූ රියැදුරා අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් 10,500 දඩයක් ගෙවන ලෙස මාවනැල්ල දිසා විනිසුරු එල්.කේ. මහින්ද ලියනගම මහතා නියම කළේය.

මේ සිද්ධියට වැරැදිකරු වූයේ යුද හමුදාවේ සේවය කරන වාගොල්ල, දුම්බුළුවාව, හෙම්මාතගම ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ජාලිය ජයසුන්දර (28) නමැත්තාය. පොලිස්පතිවරයාගේ නියමයෙන් පැවැති බීමත් රියැදුරන් හා රථ වාහන වැරැදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් ඉකුත් 14 වැනිදා රාත්‍රි 7 සිට රාත්‍රි 11 දක්වා වූ වැටලීම අතරවාරයේදී එම සෙබළා හෙම්මාතගම පොලිස් බලප්‍රදේශයේ ගිනිහප්පිටිය ප්‍රදේශයේදී ඔහු පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථයද සමඟින් අත්අඩංගුවට පත්වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ යුද හමුදාවේ සේවය කරන බව පවසමින් පොලිසියට බැනවැදී ඇති සෙබළා එම ස්ථානයේ සිට පොලිසිය වෙත ගෙන ඒමට පොලිස් නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවී ඇත.
අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට බීමතින් එය පහව යනතුරු පොලිසියටත් නිලධාරීන්ටත් බැනවැදී ඇති යුද හමුදා සෙබළා උදෑසන වනවිට තමා කර වරද ගැන දුකෙන් කතා කරන ලද බව පොලිසිය කියයි. ඒ වෙරි හිඳුණු පසුව බවද පොලිසිය පවසයි. හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා සහ වැඩ බලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ මහතාගේ උපදෙස් අනුව හෙම්මාතගම පොලිසියේ ප්‍රජා හා පරිසර අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසේන මහතා ඇතුළු පො.කො. බෝධිපක්ෂ (28217), සාලිය (34261) යන මහත්වරුන් වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon