ආසියානු අභියෝගතා ශූරතා කුසලාන වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවට තුන්වැනි තැන : කුසලානය ඉරාකයට ගෙනයයි

  👤  3121 readers have read this article !
By mawbima 2018-09-24

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබූ පළමු ආසියානු අභියෝගතා ශූරතා කුසලාන වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ පළමු වටය 25-16ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වැනි වටද පිළිවෙළින් ලකුණු 25-15ක් සහ 25-17ක් ලෙසින් ජයගනිමින් වට 3-0ක් ලෙස එම තරගය ජයගැනීම විශේෂත්වයකි.

මේ අතර සෞදි අරබි කණ්ඩායම සහ ඉරාකය අතර පැවැති ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගාවලියේ අවසාන මහා තරගයේදී වට 3-2ක ජයක් වර්තා කළ ඉරාකය පළමු ආසියානු අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon