නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය වහා සහන දිය යුතුයි

  👤  3171 readers have read this article !
By mawbima 2018-09-24

නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය වහා සහන දිය යුතු බව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවැසූහ.

ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සිය තනතුරේ වැඩ භාරගත් පසු ඊයේ (23දා) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ මහ නාහිමියෝ මේ බව සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නාහිමියන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල ගොවීන් මේ වනවිට කන්න කීපයක් වගා කර ගැනීමට නොහැකිව මහත් සේ දුෂ්කරතාවට පත්ව ඇති බවයි. පවතින අධික නියඟය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාව පානීය ජල හිඟයකට මුහුණදී ඇති බවත් එම ජනතාව වෙනුවෙන් රජය කැපවී කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොවි ජනතාව වෙනුවෙන් නියං සහනාධාර දීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි කාලයේදී ඒ පිළිබඳව තව තවත් දැඩි අවධානය යොමුකර ගොවීන්ට සහන සැලසීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon