පාර්ලිමේන්තු සභා වාර මඟහැරියොත් මැති ඇමැතීන්ගේ දීමනා කපා හරිනවා

  👤  3094 readers have read this article !
By mawbima 2018-09-24

පාර්ලිමේන්තු සභා වාර හිතාමතාම පැහැරහරින ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා වන දෛනික දීමනාව ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි රජයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් "මව්බිම"ට පැවැසීය.

විශාල මහජන මුදලක් වැය කරමින් මසකට දින අටක් පමණක් රැස්වන පාර්ලිමේන්තු දිනවලටවත් පැමිණීමට නොහැකි නම් ඔවුන් ජනතාවට වගකියන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා පැවැසූ බවද හෙතෙම කීවේය.
පසුගිය දින කිහිපයක්ම මන්ත්‍රිවරු නොමැතිව පාර්ලිමේන්තුව කල්දැමීමට සිදුවූ බවත් එය මහජන මුදල් නාස්ති කිරීමක් බවත් ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇත.

එම නිසා මින් ඉදිරියට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සාධාරණ හේතුවකින් තොරව පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණෙන්නේ නම් ඔවුන්ගේ දෛනික දීමනාව නතර කිරීමට තීරණයක් ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon