චර්ම රෝගී තෙතුල්ට පරිත්‍යාගශීලීහු පිහිටට එති

  👤  3004 readers have read this article !
By mawbima 2018-09-25

හසලක -සුනිල් ඉහළගෙදර

උපතින්ම සමේ දහඩිය නිපදවන ග්‍රන්ථි නොමැතිව උපන් මිනිපේ නෙතුල් හර්ෂ කුමාර කුඩා දරුවා ජීවත් කරවීමට උපකාර කරන්නැයි එම දරුවාගේ මවුපියන්, ජනමාධ්‍ය ඔස්සේ පරිත්‍යාගශීලීන්ගේ කාරුණික අවධානය යොමු කිරීමත් සමඟ ඔවුන්ගේ අපේක්‍ෂා ඉටුකර ගැනීමේ සිහිනය සැබෑවක් වෙමින් පවතින බව වාර්තාවේ.

මිනිපේ. අඹගහපැලැස්ස, 7 කණුව, අංක 13/7 යන ලිපිනයේ පදිංචි වසර දෙකක් පමණ වයසැති ටී.ඩී. නෙතුල් හර්ෂ කුමාර දරුවාට උපතින්ම දුර්ලභ චර්ම රෝගයක් (ඡ්ජබධඤඥපථචත ච්රඵනතචඵඪච) සෑදී තිබේ. මෙම දරුවාගේ සමේ දහඩිය නිපදවන ග්‍රන්ථි නොමැති බව වෛද්‍යවරු සදහන් කර ඇත.

එම නිසා මේ දරුවා එම රෝගී තත්ත්වයෙන් දැඩි ලෙස පීඩා විඳින බව මව වන දෙව්මිණි තුෂාරා මහත්මිය පවසන්නීය.
දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා කුලියෙන් දිවිගෙවන පියා වන පී.පී. අමිත් කුමාරට හරිහමන් වත්කමක් නැති බව කියයි. දරුවාගේ මව වන දෙව්මිණිට කුලියක් කිරීමට යෑමට ක්‍රමයක් නැත්තේ මේ දරුවා රැකබලා ගෙන නිතරම නිවෙසේ රැඳී සිටීමට සිදුවී ඇති හෙයිනි.

එම නිසා මේ අසරණ දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සහ දරුවාට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාරපාන සහ
ඔෟෂධ වර්ග ලබාගැනීමට පරිත්‍යාගශීලීන් උදවු කරනවා නම් එය උතුම් පිනක් වන බව සඳහන් කරමින් මාධ්‍ය මඟින් පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරනු ලැබීය.
එම පුවත ප්‍රචාරය වීමත් සමඟ දිවයිනේ නන් දෙසින් පරිත්‍යාගශීලීන් දරුවාට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන පැමිණි අතර ඔවුන්ට නව නිවෙසක් ඉදිකිරීමටද පරිත්‍යාගශීලීහු කටයුතු කරමින් තිබෙන බවත් මේ සඳහා සහාය දැක්වූ සැමට ගෞරවනීය ස්තුතිය පිරිනමන බවත් දෙව්මිණි තුෂාරා මහත්මිය
පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon