බුදුරුවේ සිරස මුද්‍රිත සාරියක් පිටකොටුවේ පදික වේදිකාවේ

  👤  3045 readers have read this article !
By mawbima 2018-09-25

කොළඹ - එම්.සී. පෙරේරා

බුදුරුවේ සිරස මුද්‍රණය කළ සාරියක් පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබියදී පිටකොටුව පොලිසිය මඟින් පෙරේදා (23දා) සිය භාරයට ගෙන තිබේ.

සාරි මිලදී ගැනීම සඳහා පිළියන්දල, මඩපාන ප්‍රදේශයේ කාන්තාවක් පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී පදික වෙළෙන්දකු සතුව විකිණීමට තබා තිබූ සාරි තොගය අතර මෙම සාරිය තිබෙනු දැන 119 දුරකථන අංකය ඔස්සේ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දන්වා තිබූ මට පොලිසිය පවසයි.

ඒ අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් එම සාරිය සිය භාරයට ගත් බව පොලිසිය කියයි.

කොළඹ මධ්‍යම පාරේ වෙළෙ¼දාම් කරමින් සිටි 52 වියැති සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon