ඥානසාර හිමියන්ට දුන් තීන්දුවට එරෙහි ඇප අයැදුම අද විභාගයට

  👤  2991 readers have read this article !
By mawbima 2018-09-25

පනාගොඩ - චම්පා ජීවන්ති

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මාස හයක බරපතළ සිර දඬුවම් නියම කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයැදුම අද (25දා) දින හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ඉකුත් ජුනි 14 වැනි දින ප්‍රකාශයට පත් කළ හෝමාගම මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ගලගොඩඅත්තේ හිමියන් වෙත මාස හයක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ අතර උන්වහන්සේ වෙනුවෙන් නීතිඥ මංජුල මාකුඹුර මහතා විසින් එදිනම හෝමාගම මහාධිකරණය වෙත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව නැවතත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ යළිත් නඩුව කැඳවූ අවස්ථාවේදී එම හිමියන්ට කොන්දේසි මත ඇප ලබා දීමට හෝමාගම මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon