රුපියල කඩාවැටීම පාලනය කිරීමට නම් රාජ්‍ය බැංකු තුනට ඩොලර් මිලියන 1500ක පමණ ණයක් දිය යුතුයි-වසන්ත සමරසිංහ

  👤  2992 readers have read this article !
By mawbima 2018-09-25

අනුරාධා හේරත්

රුපියල කඩාවැටීම පාලනය කිරීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට රාජ්‍ය බැංකු තුනට ඩොලර් මිලියන 1500ක පමණ ණයක් ලබාදීමට කටයුතු කළයුතු බව ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ යෝජනා කරයි.

ඒ අනුව මාස හත අටක් යනතුරු ඩොලරය විශාල උච්චාවචනයකින් තොරව පවත්වාගෙන යා හැකි බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඔහු පැවැසුවේ එලෙස රාජ්‍ය බැංකු තුනට ඩොලර් මිලියන 500 බැගින් 1500ක පමණ ණය මුදලක් ලබාගැනීමට කටයුතු කළ පසු රටේ ඩොලර් සංචිතයක් ඉතිරි වන බවත් එවිට ඩොලරයේ අගය ඉහළ යෑම නවතිනු ඇති බවත්ය.

ඒ මහතා 'ඉරිදා මව්බිම'ට වැඩිදුරටත් කියා සිටියේ ඩොලරය අද වනවිට 170 පසු කරමින් සිටින බවත් ඊට හේතුව වී ඇත්තේ රටේ ආනයන වියදම පියවා ගැනීමට තරම් අපනයන ආදායම ප්‍රමාණවත් නොමැතිකම ඊට බලපා ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon