දේශපාලන විසඳුමක් දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නෑ-සම්පන්දන් ජපන් තානාපති හමුවේදී කියයි

  👤  2893 readers have read this article !
By mawbima 2018-09-25

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු නැඟෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසඳුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපති කෙන්චි සුගුනුමා (ම්ඥදජඩඪ ඉභඨභදභථථච) මහතා පසුගියදා සම්පන්දන් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී තිබේ.

මේ හමුව පැයක පමණ කාලයක් පැවති බව සඳහන් කරන විපක්ෂ නායක කාර්යාලය එහිදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ උතුරු නැඟෙනහිර දැනට පවතින ගැටලු සම්බන්ධයෙන් බවද කියා සිටියි.
සම්පන්දන් මන්ත්‍රිවරයා ජපන් තානාපතිවරයාට පවසා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා මේ දිනවල රජය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයෙන් පසුව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී උතුරු නැඟෙනහිර අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා රජය විසින් ගන්නා බවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන බවත් සම්පන්දන් මන්ත්‍රිවරයා පවසා තිබේ. ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මෙවර ගනු ලබන තීන්දු තීරණ දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී ඉතාම වැදගත් නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිට එම තීරණ ඔස්සේ රජය සමඟ සාකච්ඡා කිරීම වඩාත් ඵලදායි වන බව තමන් විශ්වාස කරන බවද විපක්ෂ නායකවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

උතුරු නැඟෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය තවමත් උදාසීන තත්ත්වයක සිටින බවත් සම්පන්දන් මන්ත්‍රිවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon