රාජපක්‍ෂවරුන් පරද්දන්න අපිට ලොකු ගේම් එකක් නෑ

  👤  3024 readers have read this article !
By mawbima 2018-09-25

එම අවස්ථාවට එජාපයේ උසස් අධ්‍යාපන, මහාමාර්ග අමාත්‍ය කබීර්හ ෂීම් සහභාගි වූ අතර එජාප සාමාජිකයන් රැසක්ද සහභාගි වූහ.

එහිදී නවීන් දිසානායක මහතා මෙසේද පැවැසීය.

අපේ පක්ෂය නැති නම් බලයට එන්නේ කවුද? මේක ඉතා වැදගත්. අපි ඒ ගැන හිතන්න අවශ්‍යයි. ඉතාමත් අමිහිරි කර්කශ යුගයක් පසු කරලා තමයි මේ ආණ්ඩුව අපි පිහිටවෙව්වේ. මේ ආණ්ඩුව සර්ව සම්පූර්ණ නැහැ. මේ ආණ්ඩුවේ සියයට සියයක් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක ලක්ෂණ නැහැ. නමුත් මේක ඇතුළේ සිට සටන් කරලා සියයට සියයක් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන එක තමයි අපගේ එකම බලාපොරොත්තුව. එදාට වඩා අද අපේ පක්ෂය පුදුමාකාර එකමුතුකමක් තිබෙනවා. අද අපේ තරුණ නායකයෝ එකට හිතන්නේ. එකට කතා කරන්නේ. අපගේ සිතුම් පැතුම් එකයි. මේ සිතුම් පැතුම්වලින් ප්‍රධාන සිතුවිල්ල තමයි, අපගේ පක්ෂය 2025 වෙනකම් අනිවාර්යයෙන්ම බලයේ තියා ගන්නවා කියන එක.

දැන් තමුන්නාන්සේලා අහන්න ඇති මහින්ද මහත්තයා ඉන්දියාවට ගිහින් කරපු අමුතු කතාව. එතුමා කියනවා නාමල්ට තාම 35ක් නැහැ. ඒ නිසා මට සහෝදරයෙක් දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ නාමල්ගේ වයස 35 නම් දානවා කියන එකයි. ඒ නිසා මෙතැන වෙන්නේ සම්පූර්ණයෙන්ම වැඩ වසම් ක්‍රමයේ ගෝත්‍රවාදී දේශපාලනයක්. අපේ පක්ෂය එහෙම නැහැ. අපේ පක්ෂය සුදුස්සාට සුදුසු තැන දෙනවා. එම නිසා අපේ පක්ෂයේ නායකයෝ රාශියක් ඉන්නවා. අද අපේ පක්ෂයේ නායකයන් හත් අට දෙනෙක්ම ඉන්නවා නායකකම භාරගන්න. හොඳම කෙනා ඉදිරියට එයි. ඒ වාගේම අපේ අතරේ තිබෙන සුහදකම, සහෝදරත්වය අපි ආරක්ෂා කර ගත යුතුයි.

පෙබරවාරි මාසයේ තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව අපේ පක්ෂය ඇතුළේම පෙරළියකට අපේ පක්ෂය ඇතුළතම පත් වුණා. අපි 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බලයට පත් වෙලා 1979, 1980 වුණා රැකියා දෙන්න. එදා ගාමිණි දිසානායක මහත්මයා එක පෑන් පාරින් මහවැලියේ රැකියා දුන්නා. ප්‍රේමදාස මහත්තයාත් එහෙමයි. අපිට තාම බැරි වෙලා තියෙනවා පාක්ෂිකයන්ට සලකන්න. අපි ඒක පිළිගන්නවා. ඒක අඩුපාඩුවක්. අපි අත දිගහැරලා එක්සත් ජාතික පාක්ෂිකයන්ට වැඩ කරන යුගයක් මේ රටේ අනිවාර්යයෙන්ම ඇති කරන්න තමයි ඉන්නේ. අපිට ඒක කරන්න පුළුවන්. ඒ චේතනාව අපිට තියෙනවා. අපි කරන වැඩ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පෞද්ගලික මාධ්‍යවලින් අපිට නිතරම ගහනවා. රූපවාහිනිය, අයි.ටී.එන්. නිදි. අපේ දේවල් කියන්නේ නැහැ. ඉතින් මෙහෙම යන්න බැහැ. අපි දේශපාලනය කරන්න ඕනෑ. අපි ගේම් එකට එන්න ඕනෑ.

ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි අය වාගේ දේශපාලන ගේම් ගහන්න ඕනෑ අපි. රාජපක්ෂලාට දේශපාලන ගේම් එකක් ගහන්න අපිට පුළුවන්. ඒක විශාල ගැටුමක් නෙවෙයි. ඒ අයගේ මනස වැඩ කරන හැටි මම දන්නවා. බලය, බලය, බලය. ඒ බලය රඳවාගන්න, බලය ලබාගන්න තමයි ඔවුන් කටයුතු කරන්නේ. අපිත් එහෙම හිතන්න ඕනෑ. එහෙම හිතන්න අපේ පදනම අපි ආරක්ෂා කර ගන්න ඕනෑ.

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon