සුපර් ලීග් පිරිමි ශූරතාව යුද හමුදාවට කැෂුවලයින් කාන්තා ශූරතාව දිනාගනී

  👤  2898 readers have read this article !
By mawbima 2018-09-25

32 වැනි 'රූපවාහිනි _ තරුණ සේවා' වොලිබෝල් තරගාවලියේ සුපචර්ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වෙද්දී එහි කාන්තා ශූරතාව දිනාගැනීමට මාස් කැෂුවලයින් ක්‍රීඩා සමාජය සමත් විය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එම සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වට 3-0ක ජයක් ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි වූ අතර එම කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ජාතික තරුණ සේවා සභා කණ්ඩායමට හිමි විය. සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා අවසන් තරගයේදී මාස් කැෂුවලයින් ක්‍රීඩා සමාජය හමුවේ වට 3-0ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවෙද්දී කාන්තා අංශයේ තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමි විය. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ ශෂික ලක්ෂාන් කැලණියගේ සුපර් ලීග් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත් අතර මාස් කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ ආර්.ඒ.ඒ. චතුනි සුපර් ලීග් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තාය.

මේ අතර යෞවන සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැති අභියෝග ශූරතා තරගාවලියේ පිරිමි ශූරතාව තරග වට 3-1ක් ලෙස කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ යෞවන සමාජ කණ්ඩායම පරාජයට පත් කළ හම්බන්තොට තලහගම්වාඩුව එකමුතු යෞවන සමාජ කණ්ඩායමට හිමි විය. තවද අභියෝග ශූරතා තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව කෑගල්ල බෝයගම සිරිපැරකුම් යෞවන සමාජ කණ්ඩායමටත් අනුශූරතාව අම්පාර සුපර් කිංස් යෞවන සමාජ කණ්ඩායමටත් හිමි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon