අපි හදපු ආණ්ඩුව අපිට සලකන්නේ ත්‍රස්තවාදීන්ට වගේ - පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක

  👤  2948 readers have read this article !
By mawbima 2018-09-25

අපි හැදුව ආණ්ඩුවේ අපිට සලකන්නෙ ත්‍රස්තවාදීන්ට වගේ. මුදල් අමාත්‍යාංශයේ අපි හදපු සුබවාදී වැඩපිළිවෙළ අද නෑ. අපි දින 100 ආණ්ඩුව කාලේ පඩිත් වැඩිකළා. සහනත් දුන්නා. අද බදු ගහන එක විතරයි කරන්නෙ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පැවැසීය.

මහ බැංකුවෙ ඉන්න අය අහිංසක ජනාධිපතිතුමයි, අගමැතිතුමාවයි රවට්ටලා වැඩ කරනවා. හිටපු මුදල් ඇමැති හැටියට මුදල් අමාත්‍යාංශය එක දවසක් මගෙන් කතාකරලා එක උපදෙසක් අරගෙන නෑ. මම බොහොම වේදනාවෙන් කතා කරන්නෙ. මේකද යහපාලනය කියන්නෙ. අපි අමාරුවෙන් වේදිකා ගාණේ කෑ ගහල මේ ආණ්ඩුව හැදුවේ.

අපි ඉන්ධන මිල සූත්‍රය අවුරුදු 1 1/2 ක් වහගෙන හිටියා. මිල වැඩි කරන්න දුන්නෙ නෑ. රුපියලක වෙනස් වීම අය-වැයට බිලියන 40කින් වෙනස් වෙනවා. මේක තේරෙන්නෙ නෑ. මහ බැංකුවේ ඉන්න ඉහළ නිලධාරීන් පිරිසක් රුපියල් ලක්ෂ 30 දක්වා වැටුප් වැඩි කරගෙන තිබෙනවා. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න ගියාම ඒකට ඉඩ දෙන්නෙ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon