ජාතික ඩෙංගු මර්දන සතිය අද සිට ඔක්. 26දා දක්වා

  👤  2233 readers have read this article !
By mawbima 2018-09-26

ආරියරත්න ගනේගොඩ

ජාතික ඩෙංගු මර්දන සතිය අද (26දා) සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉදිරියේ ඇතිවන ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය පැතිර යෑමේ අවදානමක් ඇති විය හැකි හෙයින් ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175ක ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් පොලිසිය, හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය හා ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් ඇතුළු හයදහසක් දෙනා යොදවන බවද එම ඒකකය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon