ශ්‍රීලනිප ආසන බලමණ්ඩල පිහිටුවූ පසු සංවිධායක තනතුරු නැතිවූ අයට යළි එම තනතුරු ලබාගත හැකියි

  👤  2358 readers have read this article !
By mawbima 2018-09-26

රුචිර දිලාන් මධුශංක

සිය කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධුර ඉවත් කළේ ආසන බලමණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා බවත් සංවිධාන කටයුතු කිරීමෙන් පසු නැවත ඔවුන්ට එම තනතුරු දෙන බවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා 'මව්බිමට' පැවැසීය.

එම ගැටලුව මධ්‍යම කාරක සභාවේදී විස¼දාගත හැකි බවද මන්ත්‍රිවරයා කීවේය.

ඇමැතිකම් අත්හැර විපක්ෂයේ අසුන්ගත් ශ්‍රීලනිප මන්ත්‍රි පිරිසකගේ සංවිධායක තනතුරු ඉවත් කිරීම ගැන 'මව්බිම' කළ විමසුමකදී එස්.බී. දිසානායක මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

"මේ ගැටලුව ඇතිවුණේ ඒ සියලු දෙනා ආසන බලමණ්ඩල පිහිටුවා නැති නිසා. ඒවා පිහිටුවීමෙන් පස්සේ ඒ අයට ආයෙත් මේ තනතුරු දෙන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නොවේ.
මම දැක්කා මේ ගැන දුමින්ද දිසානායක පණ්ඩිතකම් කියලා තිබුණා. එයා දන්න දෙයක් නෑ.

මම මහ ලේකම් වෙලා හිටපු කාලෙත් මෙවැනි දේ වුණා.

ඒක අපිට මධ්‍යම කාරක සභාවේදී විස¼දා ගන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon