ජවිපෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 ව්‍යවස්ථා සංශෝධනයට දෙ.ජා.ස. සහාය ලබාදීමට තීරණ

  👤  2359 readers have read this article !
By mawbima 2018-09-26

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා 'මව්බිම' ට ප්‍රකාශ කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම පවතින බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත් එය මූලික කරගනිමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

රටකට අවශ්‍ය වන්නේ එම රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය නායකයකු බවත් එම කරුණු සලකා බැලීමේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුළ දැනට එකඟත්වය පළකොට නොමැති දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon