උතුරු පළාතේ ඉඩම්වල හමුදාව පදිංචිව සිටි කාලය ස¼දහා ඉඩම් අයිතිකරුවන්ට වන්දි ගෙවිය යුතුයි - දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම්

  👤  2288 readers have read this article !
By mawbima 2018-09-26

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාතේ ඉඩම්වල යුද හමුදාව බලහත්කාරයෙන් පදිංචිව සිටි කාලය සඳහා ඉඩම් අයිතිකරුන්ට වන්දි ගෙවිය යුතු බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවැසීය. මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ යාපනයේ මාධ්‍ය සමාජයේදී පෙරේදා (24දා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදීය.

උතුරේ වැසියන්ට අයත් නිවාස විශාල ප්‍රමාණයක් යුද හමුදාව විසින් පාවිච්චියට ගෙන ඒවා අලාභහානිද සිදු කරමින් එම නිවෙසේ අත්හැර යෑම පුරුද්දක් බවට පත්වී ඇති නිසා යුද හමුදාව නිවාස භාවිත කිරීම වෙනුවෙන් රජය නිවෙස් හිමියන්ට සාධාරණ කුලියක් ගෙවිය යුතු බවද කියා සිටියේය.

උතුරේ ඇතැම් පළාත්වල නිවාස යුද හමුදාව විසින් වසර 28ක් පමණ පරිහරණය කොට ඇත්තේ කිසිදු මුදලක් ලබාදී නොමැතිව බව ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා කීය.

ඇතැම් නිවාසවල විදුලි බිලවත් යුද හමුදාව විසින් ගෙවා නොමැති නිසා මේ දිනවල නිවෙස් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාව සිංහල බෞද්ධ හමුදාවක් නිසා ඔවුන් නිතරම දෙමළ ජනයාට අයත් පළාත් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට මාන බලන බවටද මන්ත්‍රිවරයා පුවත්පත් සාකච්ඡාවේදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon