උඩරට මැණිකේ දුම්රියේ ගැටී අයකුට තුවාල

  👤  2248 readers have read this article !
By mawbima 2018-09-26

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී ඊයේ (25දා) අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවැසීය. හැටන් දුම්රිය ස්ථානයට නුදුරු හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත.

එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ආරක්ෂිත නිලධාරීන් විසින් හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ගොස් භාරදී තිබේ. තුවාල ලැබූ පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔහු අධික ලෙස බීමත්ව සිටි අයකු බවට තහවුරු වී ඇත. අනතුරෙන් තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතළ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon