වෛද්‍යවරයා නිර්දේශ කළ ඔෟෂධය වෙනුවට පෞ. රෝහලින් හෘද රෝගී කතකට වැරැදි ඔෟෂධයක් නිකුත් කරලා

  👤  2317 readers have read this article !
By mawbima 2018-09-26

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

හෘද රෝගී කාන්තාවකට හෘද රෝගී

විශේෂඥ වෛද්‍යවරයකු නිර්දේශ කළ ඔෟෂධවලට පටහැනිව වෙනත් ඔෟෂධයක් ලබාදීමෙන් එම කාන්තාව විවිධ සංකූලතාවකට පත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට සාක්ෂි දීම සඳහා එම ඔෟෂධ නිර්දේශ කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට එම නඩුවට සාක්ෂි දීම සඳහා ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කර ඇත.
අධිකරණයට වාර්තා වී ඇති අන්දමට සිද්ධිය මෙසේය.

රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හෘද රෝග කාන්තාවකට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් ඔෟෂධයක් නිර්දේශ කර ඇත. එම නිර්දේශිත සටහන පෙන්වා එම රෝහලේම බෙහෙත් ශාලාවෙන් එම ඔෟෂධය මිලදී ගැනීමේදී වෙනත් ඔෟෂධයක් ලබාදී තිබේ.

රෝගී කාන්තාව එම ඔෟෂධය ගත් පසු ඇයට දින දෙකක් පමණ හොඳ හැටි නින්ද ගොස් ඇතැයි පැවැසේ.

රෝගී කත මෙම සිද්ධිය ජාතික ඔෟෂධ නියාමන අධිකාරියට පැමිණිලි කර තිබේ. ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය මඟින් එම රෝහලේ බෙහෙත් ශාලාවේ ප්‍රධානියාට සහ ඔෟෂධ මුදලට අලෙවි කළ සේවකයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර දැනට ඔෟෂධ ශාලා ප්‍රධානියා සහ සේවකයා ඇප මත මුදා හැර සිටිති.

නිර්දේශිත ඔෟෂධය සහ ඒ වෙනුවට ලබාදී ඇති ඔෟෂධය යන දෙකම උච්චාරණයේදී සමානකමක් දැක්වෙන බැවින් මෙවැනි වරදක් වී ඇතැයි කියැවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon