බාල වයස්කරුවන්ට හෙරොයින් අලෙවි කළ හිටපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට

  👤  2251 readers have read this article !
By mawbima 2018-09-26

බොරැල්ල - චන්දන පෙරේරා

1990 වර්ෂයේදී විෂමාචාරයක් සම්බන්ධයෙ සේවය අහිමි කළ පෑලියගොඩ පොලිසියේ හිටපු පොලිස් නිලධාරියකු බාලවයස්කරුවන් ඇතුළු ගැනුම්කරුවන්ට මාකොළ උතුර, සඟබෝ මාවතේදී රහසිගත ස්ථානයක සිට හෙරොයින් අලෙවි කරමින් සිටියදී සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1200ක්ද ඊට අමතරව ඔහුගේ නිවෙසේ නිදාගන්නා ඇඳේ මෙට්ටය යට ගුලක් සේ සකස් කර තිබූ ස්ථානයක තිබී හෙරොයින් පැකට් 4ක්ද (මිලිග්‍රෑම් 600) අත්අඩංගුවට ගත් බව අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි මහතා පවසයි.

සැකකරු මහර වැඩබලන මහෙස්ත්‍රාත් සමන් විදුරාආරච්චි මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු සැප්තැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පවසයි.
සැකකරු ළඟ තිබූ හෙරොයින් රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කෙරිණි.

සපුගස්කන්ද පොලිසියේ බුද්ධි අංශයේ පොලිස් නිලධාරීන් වන කුමාර (71453),
දිනේෂ් (79046), හේරත් (77113) සහ ජයතුංග (71453) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් අතර සපුගස්කන්ද පොලිසියේ උසාවි කටයුතු පිළිබඳ පො.කො. කේ.ඇස්. චමින්ද (40078) විසින් සැකකරු මහර වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 28දා දක්වා මහර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon