කන්තලේ සීනි සමාගමේ යන්ත්‍ර සූත්‍ර පවරාදීමට මිලියන 20ක් ලබා ගැනීමේ සිද්ධිය ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි හා දැව සංස්ථා හිටපු සභාපතිට ඇප

  👤  2239 readers have read this article !
By mawbima 2018-09-26

කවින්ධ්‍යා පෙරේරා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී.ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරාදීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගත් බව කියන මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා රුපියල්
ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විස්සක ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (25දා) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඉදිකැටියහේවගේ කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන්ය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අල්ලස් පනතේ 30 (1) (අ) වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කළ යුතු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සහතිකයේ ඇති දෝෂ සහිත බව සුවිශේෂ කරුණක් ලෙස සලකා මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කළේය.

එසේම අල්ලස් පනෙත් 30 (1) (අ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හා අල්ලස් පනත යටතේ ගැනෙන වගන්ති යටතේ පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමේදී සැකකරුවන්ගේ අයිතිවාසිකම් සීමා කර කරුණු දක්වා තිබීම සැකකරුවන් විසින් අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස් මුදල් ලබා ගත් අවස්ථාව හා ස්ථානය පිළිබඳ කරුණු බී වාර්තාවේ සඳහන් නොකිරීම හා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු සහතික සැකකරුවන් දෙදෙනාට වෙන වෙනම ඉදිරිපත් නොකිරීමත් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත දේශන ප්‍රමාණවත් පරිදි ගොනු කර නොතිබීමත් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති කරුණු දැඩි ලෙස දෝෂ සහිත බවට සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ
දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණිලි කර තිබුණේ නො. 27/9, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 පදිංචි එම්.ජී.ෂුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානී කොටහාරාලහල්ලි කොඩිඩප්පයියා නඩරාජා නමැති ඉන්දීය ජාතිකයකු විසිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම ස¼දහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වා අඩු කරගෙන අත්තිවාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත. සිද්ධියට අදාළ නඩුව යළිත් දෙසැම්බර් 11දා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon