හෙරොයින් පැකට් 45ක් සමඟ අයෙක් අත්අඩංගුවට

  👤  2200 readers have read this article !
By mawbima 2018-09-26

කොළඹ _ එම්.සී. පෙරේරා

හෙරොයින් මත්කුඩු පැකට් හතළිස් පහක් සමඟ වාද්දුව, පොතුපිටිය, ගල්කැටියාගොඩ නිවෙසකදී පුද්ගලයකු ඊයේ වාද්දුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පොතුපිටිය, ගොරකාගහවත්ත ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී රුපියල් අසූ දහසක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවගේ පුතා එම ජාවාරම එලෙසම කරන බවට වාද්දුව පොලිසියේ ස්ථානාධිපති ලාලිත වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුව බුද්ධි නිලධාරීන් මඟින් ඒ පිළිබඳව සොයා දින ගණනාවක් තිස්සේ පරීක්ෂණ කර තිබිණි.

ඒ පිළිබඳව ලැබුණු තොරතුරු නිවැරැදි වීම හේතුවෙන් උපාය දූතයකු යොදවා හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් මිලදී ගැනීමට යොදවා ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයෙන් රැගෙන එන ලද හෙරොයින් මත්කුඩු වාද්දුව ප්‍රදේශයේදී අලෙවි කරන බවට පොලිසියට අනාවරණය වී ඇත.

42 වියැති අයකු වන සැකකරුව පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාලිත වීරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon