ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තාවන්ටත් අන්ත පරාජයක්

  👤  2214 readers have read this article !
By mawbima 2018-09-26

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25දා) පැවැති පස්වැනි සහ අවසාන තරගයෙන්ද ලකුණු 51ක ජයක් හිමි කරගත් ඉන්දීය කාන්තා කණ්ඩායම තරග 5කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙසින් ජය ගත් අතර එම තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාව නිසා අත්හැර දැමිණි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ ලකුණු 156කට දැවී ගිය අතර හර්මන්ප්‍රිත් කොවුර් ලකුණු 63ක් සහ ජෙමීමා රොඩ්‍රිගුවෙස් ලකුණු 46ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන සහ ඉරොෂිනී ප්‍රියදර්ශිණී කඩුලු 3 බැගින් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. එහිදී කිසිදු ශ්‍රී ලංකික ක්‍රීඩිකාවකට ලකුණු 30 සීමාවට ළඟා වීමට ඉන්දීය පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන් අතර පන්දු යැවීමේදී පූනම් යාදේව් කඩුලු 3ක්ද දීප්ති ෂර්මා සහ රාධා යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon