ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ අනුග්‍රහයට ජැට් ඉදිරිපත් වෙයි

  👤  2316 readers have read this article !
By mawbima 2018-09-26

මේ දිනවල ජයග්‍රාහී ගමනක නිරත වෙමින් 2021 වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු පැසිපන්දු කුසලාන තරගාවලියට පිවිසීමේ අවස්ථාව ලබාගැනීමට ආසන්නව සිටින ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ නිල ඇඳුම සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට ජැට් හෝල්ඩින්ස් සමාගම ඉදිරිපත්ව සිටියි.

ඒ අනුව 2021 ආසියානු තරගාවලිය ස¼දහා සුදුසුකම් ලැබීම පිණිස පසුගිය දිනවලදී පැවැති ප්‍රිමියර් තරගාවලිය සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ඊළඟ අදියර සඳහා සුදුසුකම් ලබාගත් අතර, එම අදියරද සාර්ථකව අවසන් කරගතහොත් 2021 ආසියානු පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවෙයි. එසේ වුවහොත් 2009 වසරෙන් පසු ආසියානු කුසලානයක් සඳහා සුදුසුකම් ලබාගන්නා පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon