දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පෙරේරාට ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී ලෝකඩ පදක්කමක්

  👤  2301 readers have read this article !
By mawbima 2018-09-26

මලයාසියාවේදී පසුගියදා පැවැති ආසියා-ශාන්තිකර කලාපීය ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට එම්.කේ.පී.ජේ.එස්.එස්. පෙරේරා සමත් විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු එම්.කේ.පී.ජේ.එස්එස්. පෙරේරා 2001 වසරේ සිට රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලියේදී යගුළිය, කවපෙත්ත සහ හෙල්ල විසිකිරීමේ යන ඉසව්වලදී මෙන්ම මේසපන්දු කණ්ඩායමද නියෝජනය කරමින් මේ වනවිට රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 3ක් හා එක් ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්ව ඇත.

ධර්මරාජ විදුහලේ ආදි සිසුවකු වන පෙරේරා මහතා කොරියානු ජනරජයෙන් පිරිනැමූ ශිෂ්‍යත්වයක් මත ක්යුන් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික වෙළෙ¼දාම හා ආර්ථික විද්‍යාව සම්බන්ධව පශ්චාත් උපාධිධාරියකුද වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon