'සිංගර් කුසලාන' 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය කරන්දෙණිය මැදි මහා විදුහලට ඉනිමක හා ලකුණු 67ක ජයක්

  👤  2193 readers have read this article !
By mawbima 2018-09-26

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේදී බළපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 67ක ජයක් ලැබීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

එම ජයග්‍රහණය සඳහා සසිඳු කවීෂ පිත්තෙන් දැක්වූ දස්කම් සහ සමිත් ඉසුරු පන්දුවෙන් දැක්වූ දස්කම් බෙහෙවින් ඉවහල් විය.

තවත් තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කිරීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ මිහිසල් අමෝද සමත්විය.

කරන්දෙණිය ම.ම.වි. _ බලපිටිය රේවත
කරන්දෙණිය ම..මවි. පළමු ඉනිම _ 422/8 (පන්දුවාර 77.5)
(සසිඳු කවීෂ නොදැවී 102, ඉෂාර මධුවන්ත 65, දිලීප කුමාර 57, රමේෂ් මධුසංක 99/4, චාමර ප්‍රියදර්ශන 78/3)
රේවත: පළමු ඉනිම _ 148 (සමිත් ඉසුරු 50/5, ඉෂාන් ප්‍රමෝද්‍ය 12/3)
රේවත: දෙවැනි ඉනිම _ 207 (නවිඳු පැහැසර නොදැවී 107, සමිත් ඉසුරු 46/5, රවිඳු මිලාන් 73/3)
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 67ක ජයක්.

මාතර ශාන්ත තෝමස් - අම්බලන්ගොඩ ධර්මාශෝක
ශාන්ත තෝමස්: පළමු ඉනිම _ 248 (මිහිසල් අමෝද 122, නවීන් රසාංග 29/3, කවිඳු නදීෂාන් 97/3)
ධර්මාශෝක: පළමු ඉනිම _ 240 (සසිඳු මල්ෂාන් 41, අරෝෂණ සොයිසා 41, කවිඳු නිර්මාල් 41/5, සෙනෙත් සිතාර 44/3)
ශා. තෝමස්: දෙවැනි ඉනිම _ 137/4 (සංචිත රණසිංහ නොදැවී 59)

මහනුවර ශා. සිල්වෙස්තර _ කෑගල්ල ශා. මරියා
ශා. සිල්වෙස්තර: පළමු ඉනිම _ 217 (පන්දුවාර 57.2) නිශාන්ත ඉන්ද්‍රජිත් 44, යෙෂික නරසිංහ 25/3)
ශා. මරියා: පළමු ඉනිම _ 143 (පන්දුවාර 63.5) (අකලක පෙතියාගොඩ 49, මනෝහරන් පවිත්‍රන් 24/4, නදීර බාලසූරිය 48/3)
ශා. සිල්වෙස්තර: දෙවැනි ඉනිම _ 138/7 (නිශාන්ත ඉන්ද්‍රජිත් නොදැවී 33, මලීෂ සේනානායක 27/3, සිනෙත් වීරසූරිය 57/3)
ශා. මරියා: දෙවැනි ඉනිම _ 42/7 (චරිත රාජගුරු 4/4)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක _
මීගමුව ශා. පීතර
ශා. පීතර: පළමු ඉනිම _ 91 (ප්‍රශාන් ශකිල 24, චානක විජේසිංහ 10/4)
ඩඩ්ලි සේනානායක: පළමු ඉනිම _ 136 (ඉෂාන් සුබසිංහ 29, දිනෙත් සත්සර 35/4, ශනිඳු මධුසංක 21/3)
ශා. පීතර: පළමු ඉනිම _ 235 (තිසර මධුවන්ත 49, මල්ෂාන් දිසානායක 86/3)
ඩඩ්ලි සේනානායක: දෙවැනි ඉනිම _ 184/4 (ඉෂාන් සුබසිංහ 51, දිනෙත් සත්සර 89/4)

නුගවෙල ම.ම.වි. _ බණ්ඩාරවෙල ශාන්ත තෝමස්
ශා. තෝමස්: පළමු ඉනිම _ 220 (සවිත් අධීප නොදැවී 75, දිනුක සඳරුවන් 27/4, රවිඳු වටගොඩ 22/3)
නුගවෙල ම.ම.වි. පළමු ඉනිම _ 271 (දිනිදිය පොල්කොටුව 75, විරාජ් හේමන්ත 73, සිතාර රන්කොත් 50/3)
ශා. තෝමස්: දෙවැනි ඉනිම _ 201/7 (සවිත් අධීප 82, දිල්මික ප්‍රමෝද් 32/3)

හොරණ තක්ෂිලා - කළුතර සිරිකුරුස
තක්ෂිලා: පළමු ඉනිම _ 221 (උමේෂ් ප්‍රසාද් 71, තිළිණ තරින්ද 51, සසිඳු ජනිත් 50, හංසජ බ්‍රයන් 38/3)
සිරිකුරුස පළමු ඉනිම _ 115 (තිළිණ තරින්ද 39/5, සෙනෙත් විනූ 26/4)
තක්ෂිලා: දෙවැනි ඉනිම _ 192/7 (සසිඳු ජනිත් 43)
සිරිකුරුස: දෙවැනි ඉනිම _ 60/1 (තුහින ලොරේඩ්ස් නොදැවී 33)

කැලණිය ගුරුකුල - කොළඹ ලුම්බිණි
ගුරුකුල පළමු ඉනිම _ 298 (ප්‍රවීන් නිමේෂ් 65, රශ්මික මෙවන් 54, කෙමිර නයනතරු 53, සඳුනිල් සංකල්ප 58/3, රවිෂ්ක විජේසිරි 78/3)
ලුම්බිණි පළමු ඉනිම _ 103 (රවිෂ්ක විජේසිරි 40, ලික්ෂාන් සසක 28/4, සචින්ත චමිත් 13/3)
ගුරුකුල: දෙවැනි ඉනිම _ 281/7 (රශ්මික මෙවන් 59, නෙතුල් රාජපක්ෂ 8/3)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon