මාලදිවයින් නව ජනපතිට අගමැතිගෙන් සුබ පැතුම්

  👤  2265 readers have read this article !
By mawbima 2018-09-26

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

ඊයේ (25දා) උදෑසන දුරකථනයෙන් මාලදිවයින නව ජනාධිපතිවරයා වෙත අමතා මෙම සුබ පැතීම සිදුකර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එමෙන්ම පෙරේදා (24දා) මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අගමැතිවරයා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව යමීන් මහතා වෙත තම ප්‍රසාදය පිරිනමා ඇත.

මේ අතර පෙරේදා (24දා) සවස් වරුවේ මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අරලියගහ මන්දිරයට පැමිණ අගමැතිවරයා හමුවී ඇති අතර මාලදිවයිනේ දේශපාලන තත්ත්වය මෙන්ම කලාපීය දේශපාලන කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon