ඇඟලුම් සේවකයන් රැගත් බසය පෙරළී 25ක් රෝහලේ

  👤  2220 readers have read this article !
By mawbima 2018-09-26

හිඟුරක්ගොඩ _ ප්‍රියා

මීගස්වැව සිට මැදිරිගිරියේ ඇඟලුම් හලක සේවය කරන සේවක සේවිකාවන් රැගෙන එමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ (25දා) දින පෙරවරුවේ දියසෙන්පුර පැරකුම් හන්දියේදී කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් තුවාල ලැබූ එහි ගමන් ගත් 25 දෙනකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

බස් රථයේ ගමන් ගත් 23 දෙනකු සහ ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි දෙදෙනකුද මෙහිදී තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනකු පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත. මේ වනවිට රියැදුරා ඇතුළු අනෙක් සියලු දෙනා සුළු තුවාල ලබා මැදිරිගිරිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර බස් රථය සහ රියැදුරා අත්අඩංගුවට ගෙන අද (26දා) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය කියයි.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන ස්ථානාධිපති පොලිස් සැරයන් සරත්, පොලිස් කොස්තාපල් කපිල (82750), ජයන්ත (54437), ජානක (51136) ඇතුළු පිරිස පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon