රටේ ආර්ථිකය දැන් හසුරුවන්නේ බූරු පොළක වගේ --අනුර කුමාර

  👤  2234 readers have read this article !
By mawbima 2018-09-26

අනුරාධා හේරත්

ශීඝ්‍රයෙන් ඉහළ යන ඩොලරයේ අගය ගැන ආණ්ඩුවේ නායකයන් කුමන පම්පෝරි ගැසුවත් එදා මෙන්ම අදත් රටේ පාලකයන් ආර්ථිකය හැසිරුවේ බූරු පොළක දූ කෙළියෙන් ආදායම් උපයන ආකාරයකට බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක චෝදනා කරයි.


ඩොලරය ඉහළ යෑම වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් පවසන ආකාරයට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ මුදල් ඒකකවල බලපෑමක් නිසා සිදුවන්නක් නොවන බවත් අර්බුදයට විසඳුම් සෙවීමට කෙටි හා දිගු කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.


ඔහු අවධාරණය කළේ චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි - රනිල් ඒ කිසිවකුට හෝ ආර්ථිකය කඩා බිඳ දැමීමේ බරපතළ වගකීමෙන් කිසිසේත්ම අත්මිදිය නොහැකි බවය.
විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ අද සිය හාම්පුතුන් වෙනුවෙන් රටේ වෙළෙඳපොළ විවෘත කර ඇතැයි පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් මුදල් එකතු කිරීමට දක්ෂ වුවත් ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කිරීම මඟහැර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon