CID ෆොන්සේකාගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

  👤  2368 readers have read this article !
By mawbima 2018-09-26

චාමර අමරසූරියඡ

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

ඔහු ඊයේ මධ්‍යහ්න 12.00ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ පස්වරු 4.00ට පමණ පිටත්ව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් පවසයි.

මෙම විමර්ශනයන්ට අදාළව සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් දෙවැනි අවස්ථාව මෙය බව එම ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ඡායාරූප - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon