වෙන්දේසි ඉඩමක අවිධිමත් සංවර්ධනයෙන් නිවාස 50ක ජනතාව දැඩි අපහසුවක

  👤  729 readers have read this article !
By mawbima 2018-09-26

කොළඹ - එම්.සී. පෙරේරා

පානදුර ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක කළ අවිධිමත් සංවර්ධනයක් හේතුවෙන් ඊයේ (24දා) අලුයම ඇතිවූ වර්ෂාවත් සමඟ හොරේතුඩුව මඩකිස්ස ප්‍රදේශයේ නිවාස 50ක ජනතාව දැඩි අපහසුතාවකට පත් වි සිටියහ.

එම ජනතාව පදිංචි නිවාසවලට ඉහළින් පිහිටා තිබෙන වෙන්දේසි ඉඩමක් ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු යෙදීමේදී මහ වැස්සත් සමඟ පස් සෝදාගෙනවිත් නිවාස පනහක පමණ සිටි පිරිසකට නිදි වර්ජිතව තම දේපළ ආරක්ෂා කර ගැනීමට සිදුවිය.

එම නිවාසවල ගෘහ භාණ්ඩ මෙන්ම ඔවුන් දිවිසරිකරගත් වඩු කර්මාන්තයේ යන්ත්‍ර සූත්‍ර රැසක්ද විනාශ වී තිබිණි.

පානදුර ප්‍රාදේශීය සභාව අදාළ ඉඩම කොටස් කර විකිණීමට අවසරදී තිබෙන්නේ ඔවුන් සපුරාගත යුතු පාරිසරික කොන්දේසි ඉටු කර නොගෙන බවද ජනතාව පවසති.

එහි නිසි කානු පද්ධතියක් හෝ නොමැති බවටද අපහසුතාවට පත්වූ නිවැසියෝ චෝදනා කරති.

මහ වැස්සත් සමඟ පහත් බිම්වල නිවාස තුළට මඩ පස් සමඟ ජලය ගලාගෙන ඒමට අමතරව අතුරු මාර්ග කිහිපයකද එම පස්වලින් කානු පද්ධතියද අවහිර වී තිබිණි.

තම පානීය ළිංවලට මඩ වතුර කලවම් වී ඇති බව පවසන ජනතාව වැසිකිළි තුළට පස් සමඟ ජලය ගලාගෙන වැසිකිළිද අවහිර වී ඇතැයි චෝදනා කරති.

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී හෙතෙම මෙසේ පැවැසීය.

ප්‍රදේශවාසීන් පත්වූ අපහසුතාව පිළිබඳ කනගාටුව පළ කරනවා. ඉඩම වෙන්දේසි කිරීමට පෙර සපුරා ගත යුතු කොන්දේසි කිහිපයක් තියෙනවා. (ඉඩමේ අභ්‍යන්තරයේ කානු පද්ධතිය ඇතුළුව) එවා සපුරනකම් විකිණීමේ කටයුතු තාවකාලිකව නතර කරනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයට නව කානු පද්ධතියක් ඉදි කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon