පිදුරංගල රජමහ විහාර පර්වතය අපවිත්‍ර කළ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - පිදුරංගල රජමහ විහාර භාරකාර දානියගම ආනන්ද හිමි

  👤  697 readers have read this article !
By mawbima 2018-09-26

දඹුල්ල - කේ.කේ. ආරියදාස

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහ විහාර පර්වතය අපවිත්‍ර කළ අසහනකාරී තරුණයන් කණ්ඩායම වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පිදුරංගල රජමහ විහාර භාරකාර ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමය එක්ව පන්සලේ පැවති පිහිනුම් තරගාවලිය ඊයේ (25දා) දහවල් සමාරම්භ කර අනුශාසනාව පවත්වමිනි.

ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියේ මෙම තරුණයන් පිරිස අන්තර්ජාලයට මුදාහැර තිබූ ඡායාරූපවලට විරුද්ධව සහ ඔවුන්ගේ මුහුණුපොත්වලට විරුද්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සීගිරිය පොලිසියට ඊයේ පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.

එම දුරදිග නොබලා සිදුකළේ, විහිළුවට භාජන කළේ මෙරට උරුමයක් බවත් සංස්කෘතිය බවත් සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ. "කෙනකුගේ ජීවිතයක් සමාජය ඉදිරියේ ලජ්ජිත වෙනවට අපි කැමති නෑ. නමුත් අපගේ භාරකාර යටතේ පවතින පිදුරංගල රජමහ විහාරස්ථාන පර්වතය මුල්කරගෙන මේ රටේ ජීවත්වන අසහනකාරී තරුණකම කුමක්දැයි නොහඳුනන තරුණ දරුවන් පස් හය දෙනෙක් ඔවුන්ගේ විළිබිය නසාගෙන පර්වතය හා ලෝකපූජිත සීගිරිය පෙනෙන ආකාරයට තමන්ගේ විළි වසාගත් ඇඳුම් උනා දමා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ලෝකෙට මුදා හැරලා." "අප කම්පාවට පත්වුණේ පිදුරංගල පර්වතය සිදුවුණාට නොවෙයි. අපේ බෞද්ධ සංස්කෘතික උරුමයට සිදුවූ හානියයි. ස්ථානය ප්‍රශ්නයක් නොවෙයි අපේ උරුමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි තරුණ කණ්ඩායම් හැකියාවන්ගෙන් යුක්ත වූ ලෝකයක සමාජය අන්තර්ජාලය තුළ මුහුණුපොත හරහා ඇතැම් කණ්ඩායම් තරුණයන් පොලඹවනවා අභියෝග පිළිබඳව, මේ අඥාන තරුණ කණ්ඩායම් තමන්ගේ විලිබිය දේවධර්මය කෙලෙස ගන්න මේ ආකාරයට."

"මේ පිළිබඳව පොලිසියට අදාළ රාජකාරි කිරීම සඳහා පැමිණිලි කරලා තිබෙනවා. යුක්තිය ඉටුවිය යුතුයි. හේතුව මේ විහිළුවට භාජන කළේ අපේ උරුමයක්. මේ ස්ථාන නිරුවත් කරන සාපාරාධී ක්‍රියාවක්. එනිසා මම ඉතාමත් කරුණාවෙන් අපි ජීවිත බේරන්න ව්‍යායාමයේ යෙදෙන මේ මොහොතේ සිහිපත් කරනවා රටක සංස්කෘතික උරුමයවත් සංස්කෘතික දායාදයවත් තමන්ගේ පටු අරමුණින් තමන්ගේ තරුණ අසහනය උකස් කරන්නෙපා. හේතුව මේ අපේ අනාගතය. අපේ දායාදය. අපේ සංස්කෘතිය. බටහිර රටවල් අනුකරණය කරන්න අනුගමනය කරන්න ලක්වැසි ඔබට අයිතියක් නැහැ. මේ සංස්කෘතික සෝදා පාළුවට ඉඩ නොදී ඔවුන්ගේ භාරකරුවන්, වැඩිහිටියන් මේ පිළිබඳව සොයා බැලිය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon