පනස් දහසක හෙරොයින් සමඟ පොලිස් කොස්තාපල් අත්අඩංගුවේ

  👤  758 readers have read this article !
By mawbima 2018-09-26

කොළඹ _ එම්.සී. පෙරේරා

කළුතර මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් කෙනකු තවත් පුද්ගලයකුද සමඟ රුපියල් පනස් දහසක් පමණ වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පයාගල මහලේගොඩදී පෙරේදා (24දා) පයාගල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී කොස්තාපල් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1,160ක් හා අනෙක් පුද්ගලයා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1,900ක් තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

එම කොස්තාපල් මීට පෙර බුලත්සිංහල හා කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ සේවය කර ඇති අතර ඔහුගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් කළුතර මූලස්ථාන පොලිසියට මාරු කර තිබූ බව පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල් හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වන බවට පයාගල පොලිසියට ලැබුණු තොරතුරු මත බුද්ධි තොරතුරු ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

පොලිස් කොස්තාපල් පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් වන අයුරින් කටයුතු කළ බැවින් ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කරන බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා කියයි.

සැකකාර කොස්තාපල් පයාගල මුලටියන - පදිංචිකරුවකු වන අතර අනෙක් සැකකරු පයාගල _ මැටියනමුල්ල පදිංචි කරුවකු බව පොලිසිය පැවැසීය.

සැකකරුවන් දෙදෙනාම කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පයාගල පොලිසිය
පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon