ආණ්ඩුව රත්රන්වලින් පාරවල් හැදුවත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ

  👤  2737 readers have read this article !
By mawbima 2018-10-11

ආණ්ඩුව රත්රන්වලින් පාරට තාර දැම්මත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් නෑ. උතුරේ ජනතාව තවමත් අනාථ කඳවුරුවල ජීවත් වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් පෙරේදා (9දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. එහිදී ඔහු මෙසේද පැවැසීය.

අද උතුරේ ජනතාවට ප්‍රශ්න රැසක් තියෙනවා. මම අනුරාධපුරේ සිර කඳවුරට ගියා අපේ දෙමළ ජනතාව බලන්න. ඔවුන් කියන්නේ ඔවුන්ට සිර දඬුවම් දෙන්න. නැත්නම් නිදහස් කරන්න කියලා. මේක යහපාලන ආණ්ඩුවක් නම් ඇයි මේක කරන්න බැරි? ආණ්ඩුවේ නායකයෝ මේ පේන්නේ නෑ වගේ ඉන්නවා. මේ සිර මැදිරිවල ඉන්න ජනතාවගේ ශරීර ඉතාම දුර්වල වෙලායි තියෙන්නේ.

අපි කියන්නේ මේ දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්න කියලා. නියම යහපාලනය නම් ඒක තමයි කෙරෙන්න ඕනේ. හැබැයි ඔවුන්ගේ තත්ත්වය මේ පාලකයන්ට පේන්නේ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon