පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 82.4කින් ඉහළ ගිහින්

  👤  2691 readers have read this article !
By mawbima 2018-10-11

නුවන් හෙට්ටිආරච්චි

පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 82.4%කින් ඉහළ ගොස් ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මෙතෙක් කිසිම ප්‍රදේශයක බරපතළ විදුලි බිඳවැටීමක් සිදුව නොමැති බවත් සුළු විදුලි බිඳවැටීම් සකස් කර අවසන් බවත් සඳහන් කරන හෙතෙම විදුලි බලාගාර පවතින ජලාශවල වර්තමාන ජල මට්ටම කාසල්රී 76.7%ක්ද, වික්ටෝරියා 92%ක්ද, කොත්මලේ 85.4%ක්ද, මාඋස්සාකැලේ 83.3%ක්ද, රන්දෙණිගල 80.4%ක් හා සමනල වැව 51.1%ක් ලෙස ඉහළ ගොස් ඇති බව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon