ලංගම විධිමත් කරන්න අය-වැයෙන් කෝටි 16ක් ඕනෑ -සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

  👤  2934 readers have read this article !
By mawbima 2018-10-12

අනුරාධා හේරත්

විධිමත් ප්‍රවාහන සේවාවක් හා සේවක අයිතීන් වෙනුවෙන් ලංගමයට 2019 අය-වැය මඟින් රුපියල් කෝටි 16,130ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයෙන් ඉල්ලයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පැවැසුවේ හිඟ අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීමට රුපියල් කෝටි තුන්සියයක්ද, සේවක කොටස් සහතික සඳහා ගෙවීමට රුපියල් කෝටි තිහක්ද ඇතුළුව අනෙකුත් සියලුම වියදම් වෙනුවෙන් පුනරාවර්තන වියදම් වශයෙන් කෝටි 1,630ක්, නව බස් රථ දෙදහසක් ලංගමයට දීමටත්, සේවක සුබසාධක ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගැනීමට ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් කෝටි 14,500ක්ද වශයෙන් එම කෝටි 16,130ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම අවශ්‍ය බවය.

ඔහු පැවැසුවේ ලංගම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් 2010 වසරේ සිට රාජපක්ෂ ආණ්ඩුව මඟින් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් බැංකුගත කිරීමද පැහැර හැර තිබූ අතර ඊට එරෙහිව නඩුවක් පවරා ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon