ලංකා පොලිසියට ඉන්දියාවේදී පුහුණුවක්

  👤  2963 readers have read this article !
By mawbima 2018-10-12

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් පිරිසකට ඉන්දියා රජය විසින් කාර්මික ආරක්ෂාව පිළිබඳව පුහුණු වැඩසටහනක් හයිද්‍රාබාද් ජාතික කාර්මික ඇකඩමියේදී (ව්ධ්ඉඒ) පවත්වනු ලැබීය.

සැප්තැම්බර් 24දා සිට 28දා දක්වා එම පුහුණු වැඩසටහන පවත්වන ලදී.

මේ වැඩසටහනට සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ලැබුවේ ඉන්දියානු රජය විසින් වන අතර ඒ සඳහා වැය වූූ මුළු මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 5කට වැඩිවේ. මෙම වැඩසටහන සඳහා සහභාගි වූ පොලිස් නිලධාරීන් 30 දෙනා අතරට ප්‍රධාන පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක යන නිලයන් දරන පොලිස් නිලධාරීන් ඇතුළත් විය.

විෂය ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රවීණයන් විසින් පවත්වන ලද දේශනවලට අමතරව අදාළ ක්ෂේත්‍රයේ භාවිත කරන නවතම උපකරණ හා මෙවලම් භාවිත කිරීම පිළිබඳ පුහුණුවක්ද මේ සඳහා සහභාගිවූවන්ට ලබාදී ඇත.

සාපරාධී දර්ශන කළමනාකරණය සහ  CCTV 
විශ්ලේෂණයට, අපරාධ පරීක්ෂණ නඩු විභාගය, අධිකරණ විද්‍යාව, සයිබර් අධිකරණ විද්‍යාව, ප්‍රභූ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් රැසක්ද මූල්‍ය අපරාධ පිළිබඳ සම්මන්ත්‍රණයක්ද ඇතුළු තවත් පුහුණු වැඩසටහන් රැසක් මේ වසරේදී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා පොලිස් බළකාය සඳහා සංවිධානය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon