5 ශිෂ්‍යත්ව සමතුන්ගේ ශිෂ්‍යාධාරය රු. 250කින් ඉහළට

  👤  2902 readers have read this article !
By mawbima 2018-10-12

නුවන් හෙට්ටිආරච්චි

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්වය සමත් ළමයින් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදෙන මේ ශිෂ්‍යත්ව ආධාර මුදල මෙතෙක් මසකට රුපියල් 500කට සීමා වූ අතර ඊට රුපියල් 250ක මුදලක් එකතු කර මාසිකව 750ක මුදලක් ශිෂ්‍යත්ව සමත් දරුවන්ට මේ යටතේ ලබා දෙන බව හෙතෙම සඳහන් කරයි.

ඊට අමතරව ශිෂ්‍යත්වය සමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250 දෙනකුටද ශිෂ්‍යාධාර ලබාදීමට රජයේ අනුමැතිය ලබාදුන් බවත් පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යෑම සඳහා මෙලෙස ශිෂ්‍යාධාර ලබාදීමට තීරණය කළ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon