රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය 19දා නෙළුම් පොකුණේදී

  👤  2841 readers have read this article !
By mawbima 2018-10-12

හර්ෂනී අර්සකුලරත්න

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධාන කළ 23 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය මේ මස 19දා ප.ව. 5ට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

වසරක් පාසා පවත්වනු ලබන දේශීය ළමා නාට්‍යකරුවන්ගේ මෞලි මංගල්‍යය ලෙස හැඳින්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන උත්සවයකි.

මෙරට නිර්මාණශීලී දරුවන්ගේ රංගන කුසලතා ඔප් නංවමින් ඔවුන්ගේ කලා කුසලතාවන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් එම උත්සවයට සමගාමීව මේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon